Read Anywhere and on Any Device!

Subscribe to Read | $0.00

Join today and start reading your favorite books for Free!

Read Anywhere and on Any Device!

  • Download on iOS
  • Download on Android
  • Download on iOS

සප්ත අපදාන වස්තුව

සප්ත අපදාන වස්තුව

සේන තෝරදෙනිය
0/5 ( ratings)
1961 දී පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ දේශපාලනජීවීහු කිහිපදෙනෙක් වසර පණහකට පසුව එක් පරම්පරාවක අත්දැකීම්, දේශපාලනය, සාහිත්‍ය හා කලාව හා අභිලාෂයන් ඔබ හමුවේ තබමින්, දර්ශනීය දුම්බර මිටියාවතේ හුන්නස්ගිරිකන්ද අබියස අලුතින් පිහිටුවන ලද කෞතුකාගාරයකදී හා අධ්‍යාපන කේන්ද්‍රයකදී යළි හමුවෙති. මහාවැලි, කැළණි, වලවේ හා කළු ගං මිටියාවත්වල සිට සහෝදර හමුවකට පැමිණෙන ඔවුහු එහි සිට ඔවුන්ගේ ගමන අවසානයකින් හෝ ඛේදවාචයකින් කෙළවර නොවන්නට යළි ගමනක් අරඹති. නැතිව ගිය සාමුහික උරුමය හා අහිමි වූ මාවත යළි සොයා ගත හැකි බව ඔවුහු ව්‍යක්ත භාෂණයෙන් කියති. මෙම නවකතාව කියන්නේ දේශපාලනිකව, සබුද්ධිකව, පවත්නා සමාජ-ආර්ථික ක්‍රමය වෙනස් කිරීමට ගිය, 1970 දශකය මැදදී පමණ අභාවයට පත්වූ ද්විභාෂික බුදධිජීවීන්, සංස්කෘතිකජීවීන් හා දේශපාලනජීවීන් ගැන වෙයි.

ගිරිදුර්ග, ජලදුර්ග හා වනදුර්ග පිරි නකල්ස් කඳුවැටියේ කළුපහනකන්දේ කිතුල් රැහිපට ගැසීමේ සිට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ "සවරින් හිල්" හි රන්ආකර, "යුරේකා මධ්‍යස්ථානය" හා "සදර්න් ක්‍රොස්" ධජය හා
ඇබෝරිජින්වරුන්ගේ "ඩ්‍රීම්ටයිම්" කතාන්දර දක්වා ඔබ වීරචාරිකාවක ගෙන යන මෙම නවකතාව, එන්.ජී.ඕ. ව්‍යාපාර, ජාත්‍යන්තර ප්‍රජාව හා ඊනියා "සාම ක්‍රියාදාමය" ගැන අනාවරණය කරන්නේ මෙතෙක් කිසිදු නවකතාවක විස්තර නොවූ පරිද්දෙනි. වෘත්තිකයන්ගේ, උසස් රාජ්‍ය නිලධාරීන්ගේ හා විශ්වවිද්‍යාල පද්ධතියේ පවත්නා ජරාජිර්ණභාවයද එය අනාවරණය කරන්නේ මෙරට විශ්වවිද්‍යාල විදේශ විශ්වවිද්‍යාල සමඟ සැසඳීමට ඉඩ හරිමිනි.

සිව්මහගංගා ගැලීම නවතයි. ආපසු ගිරිහිසට නගියි. යළිත් අලුත් නිම්නභුමි ඔස්සේ ගැලීම අරඹයි.
Language
Sinhala; Sinhalese
Pages
772
Format
Hardcover
Release
January 01, 2011
ISBN 13
9789556614879

Rate this book!

Write a review?

loader